May 20, 2024

'අපේ අයවැය' - මුදල් ඇමති අයවැයට පෙර කී කතාව  

November 20, 2015

2016 වසර සඳහා අද (20) ඉදිරිපත් කරන අයවැය ලංකාවට නව ආරම්භයක්‌ වනු ඇතැයි මුදල් ඇමත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. 

“රටේ සියලු ජනතාවට එය පොදුවේ "අපේ අයවැය" ලෙස හැඳින්වීමට හැකියි. "අයවැය කිව්වම සියලුම ජනතාව කල්පනා කරන්නෙ තමන්ට ලැබෙන සහන මොනව ද කියලයි. අප මෙවර අයවැයෙන් ජනතාවගේ ජීවන වියදම අඩු කරන ගමන් ම රටේ සංවර්ධන ඉදිරියට රැගෙන යන්න අපේක්‌ෂා කරනවා. පැවැති පාලනයෙන් පීඩාවට පත් වූ මේ රටේ සියයට 75 ක්‌ සියයට 80 ක්‌ තරම් ජනතාවට සහන ලබා දීම රජයේ ඉලක්‌කයයි.“ ඇමතිවරයා පැවසී ය.

“මෙවර අයවැය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ මහත් උනන්දුවක්‌. ඒකට හොඳම උදාහරණය තමයි අයවැය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස කළ ආරාධනයට ජනතාවගෙන් ලැබී ඇති ප්‍රතිචාර. ඒ අනුව යෝජනා 1,285 ක්‌ අපට ලැබිල තිබෙනවා. මේක පසුගිය අයවැය යෝජනාවලිය වෙනුවෙන් ලැබුණු ජනතා යෝජනා සමඟ ගත්විට පස්‌ ගුණයක පමණ වැඩිවීමක්‌ “ රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2015 14:13