May 20, 2024

සිසුන්ට පහරදුන් පොලීසිය ගැන තීරණය 26 දා

November 20, 2015

සිසුන්ට පහරදුන් පොලීසිය ගැන තීරණය 26 දා

අන්තර් උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පැවැත් වූ පරීක්ෂණවලට අනුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ එළැඹෙන 26 වැනි දා ප්‍රකාශයට පත් කරන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

ඉකුත් 29 වැනි දා සිදු වූ මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ඊයේ (19) ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් 07 දෙනා විසින් විමර්ශනය කරනු ලැබී ය.

මේ අනුව ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට අනුව පොලීසිය වරදක් කර තිබේ නම් ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ලබන 26 වැනිදා තීරණයකට එළඹෙන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කරයි

Rate this item
(0 votes)