May 20, 2024

යහපාලන ආණ්‌ඩුවේ මංගල අයවැය අද

November 20, 2015

යහපාලන ආණ්‌ඩුවේ ප්‍රථම අයවැය අද (20) පස්‌වරු 2.00 ට මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2016 වසර සඳහා රජයේ සමස්‌ත වියදම රුපියල් කෝටි එක්‌ ලක්‍ෂ අනු හාරදහස්‌ එකසියයක්‌ (රු.කෝටි 194,100) බව දක්‌වමින් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණි. එය විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම විය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදු කෙරෙන අද දිනයේ ඉහත කී සමස්‌ත වියදම පියවා ගන්නා ආකාරය සහ අයවැය යෝජනා මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇත.

ඉන් පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය හෙට (21) සිට දෙසැම්බර් 02 දා දක්‌වා පැවැත්වේ. 02 වැනි දා සවස 5.00 දෙවැනිවර කියවීමේ ජන්ද විමසීම පැවැත්වේ. අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය දෙසැම්බර් 03 වැනි දා සිට 19 වැනි දා දක්‌වා පැවැත්වේ. අවසන් වර ජන්ද විමසීම 19 වැනිදා සවස 6.00 ට පැවැත්වේ.

අයවැය විවාදය සඳහා දිනපතා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව කැඳවන අතර පස්‌වරු 7.00 දක්‌වා විවාද පැවැත්වේ.

2016 අයවැය ඉදිරිපත් කිරීමේ සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

Rate this item
(0 votes)