May 06, 2024

ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

November 20, 2015

අයවැය 2016 සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ කැබිනට් රැස්වීමක් අද (20) පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය. 

ඔහු මේ බව පැවසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විසර්ජන කෙටුම්පත් දෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

Rate this item
(2 votes)