May 06, 2024

පළාත් සභා රෝහල් දෙකක් මධ්‍යම රජයට

November 20, 2015

මාතලේ හා හැටන්, දික්ඔය රෝහල් දෙක මධ්‍යම ආණ්ඩුවේ රේඛීය අමාත්‍යාංශය යටතට පැවරීම සදහා මධ්‍යම පළාත් සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇත.

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා විසින්  පළාත් සභාවට පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතාවයකින් තොරව සභා සම්මත විය. ‍‍ 

සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක් වු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසුවේ මාතලේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රජයේ පාලනයට අයත්  එකම රෝහලක් හෝ නොමැති බවත් එම නිසා භෞතික වශයෙන් රෝහල කෙතරම් දියුණු කළත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත් හිගය සපුරා ගැනීම අපහසුවී ඇති බවත්ය.

එවැනි තත්ත්වයක් තුළ මාතලේ රෝහල මධ්‍යම රජයට පවරාගෙන එය උසස් තත්ත්වයකට පත්කළහොත් මානව සම්පත්  හිඟයද පහසුවෙන් සපුරා ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දෙන ලදී.  

හැටන් දික්ඔය රෝහලේ තත්ත්වයද ඊටම සමාන බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා පළාතේ ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල් දෙක මධ්‍යම රජයට පවරා දීමට සභාවේ ඒකමතික තීරණය ලැබීම ජනතාවගේ පාර්ශවයෙන් ලද ජයග්‍රහණයක් බව ද පැවසී ය. 

Rate this item
(0 votes)