May 06, 2024

ඉඩම් ආරවුල් විසදීමට සමථ මණ්ඩල පිහිටුවීමට පියවර

November 20, 2015

ඉඩම් සන්තකය හෝ අයිතිය සම්බන්ධ ආරවුල් විසදීම පිළිබඳව සමථ මණ්ඩල පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.  

මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ 2003 අංක 21 දරණ සමථ මණ්ඩල පනතේ දෙවන වගන්තිය යටතේ වන අතර ඒ අනුව මුලික වශයෙන් දිස්ත්‍රික්ක 5ක සමථ මණ්ඩල පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඒ අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක තුළයි.

සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් සිදුකරන මෙම නව වැඩපිළිවෙළ සඳහා සමථකරුවන් පත්කිරිමට නාමයෝජනා කැඳවා තිබේ. එම නාමයෝජනා ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා, අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුය.

සමථ මණ්ඩල ප්‍රදේශයේ රාජකාරි කරන හෝ එහි පදිංචි තැනැත්තෙක්, පිළිගත් වෘත්තිය ආයතනයකින් ලබාගත් වෘත්තිය සුදුසුකම් ඇති තැනැත්තෙක්, රාජ්‍ය සේවයේ සේවයේ නියුතු හෝ සේවය කර ඇති තැනැත්තෙක්, අධි සුදුසුකම් සපුරන තැනැත්තන්ට මෙම නාමයෝජනා ලබාදිය හැකියි. 

මෙම සමථ මණ්ඩල ක්‍රමය ආරම්භ කිරිමෙන් පසුව ආරවුලට සම්බන්ධ අයට සෘජුව තම ගැටළු ඉදිරිපත් කළ හැකි අතර මීට අමතරව ඉඩම් සම්බන්ධ ආයතන මගින් හා අධිකරණය මගින් ද ඉඩම් සම්බන්ධ ගැටළු විසදීම සඳහා සමථ මණ්ඩලයට යොමුකළ හැකිය. 

 

Rate this item
(0 votes)