May 06, 2024

ඉන්දීය ධිවරයින් 14ක් අත්අඩංගුවට

November 19, 2015

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවරයින් 14 දෙනෙකු  උතුරු නාවික හමුදා නිළධාරීන් විසින් අද (19) අලූයම අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.රමේෂ් ඛන්නා මහතා පැවසුවේය.

රමේෂ් ඛන්නා මහතා පැවසූවේ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටු තුනකින් පැමිණි ධීවරයින් 14 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් ධිවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රොමේෂ් මධුසංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 17:27