May 06, 2024

අයවැය අවසන් පිරික්සුම ජනපති අතින් 

November 19, 2015

2016 වසරට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා පිළිබද අවසන් පිරික්සුම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී 2016 වසරට අදාළ අයවැය යෝජනාවන් පිළිබදව ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

2016 වසරට අදාළ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවෙහි දෙවනි වර කියවීම හෙට (20) මුදල් අමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග, ඇතුලූ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 16:33