May 06, 2024

තානාපතිවරු 8ක්, කොමසාරිස්වරු 4ක් පත් කෙරේ - එංගලන්ත පුරප්පාඩුව තවම හිස්

November 19, 2015

ඔස්ට්‍රියාව, ඉතාලිය, චීනය, ඉන්දුනීසියාව, ජෝර්දානය හා මියන්මාරයට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක්  හා තානාපතිවරු පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරියක වන ප්‍රියානි ජයසේකර මහත්මිය ඔස්ට්‍රියාවට ද, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන කරුණාසේක කොඩිතුවක්කු මහතා චීනයට ද, ජ්‍යෙෂ්ඨ නීතීඥ දයා පැල්පොල මහතා   ඉතාලියට ද පත් කර ඇත.

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස දර්ශන පෙරේරා ද, ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ එල් එම් ලාෆීර් ද, මියන්මාරයේ තානාපති ලෙස කේ ඩබ්ලිව් එම්.ඩී කරුණාරත්න මහතා ද පත් කරනු ලැබ සිටිති.

බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නොමැත. කුමාර් සංගක්කාර එම තනතුර ප්‍රතික්ෂේප කළේය.

මෙලෙස පත් කර ඇති අයගේ නම් හා රටවල් පහත පරිදිය.

•    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු - තානාපති - චීනය

•    දර්ශන පෙරේරා - තානාපති - ඉන්දුනීසියාව

•    ඒ.එල්.එම් ලාෆීර් - තානාපති - ජෝර්දානය

•    කේ.ඩබ්ලිව්.එම්.ඩී කරුණාරත්න - තානාපති - මියන්මාරය

•    ඒ.එම්. තසීම් - තානාපති - සවුදි අරාබිය

•    සී.එම්. අන්සාර් - තානාපති - තුර්කිය

•    එස්.ජේ මොහිදීන් - තානාපති - එක්සත් අරාබි එමීර්

•    එම්.එස් අන්වර් - තානාපති -  පලස්තීනය

•    සුනිල් ද සිල්වා - මහකොමසාරිස් - දකුණු අප්‍රිකාව 

•    නිමල්  වීරරත්න - මහකොමසාරිස් - සිංගප්පූරුව

•    ඩී.එස්.එල් පැල්පොල - මහකොමසාරිස් - ඉතාලිය

•    ප්‍රියානි විජේසේකර - මහකොමසාරිස් - ඔස්ට්‍රියාව 

Rate this item
(0 votes)