May 06, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට කේ.ටී. චිත්‍රසිරිට අනුමැතිය

November 19, 2015

අද(19) පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා මේ දක්වා අභියාචනාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කළ කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කර තිබූ නිර්දේශය ද අනුමත කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වී තිබේ.

එහිදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු සහ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමඟ අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ බව වාර්තා වේ.

මෙහිදී ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාව තබා ඇති බලාපොරොත්තු ඉටු වන ආකාරයෙන් උපරිම ස්වාධීනත්වයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)