May 06, 2024

පර්යේෂණවලට වෙන් කරන මුදල ඉහළට 

November 19, 2015

ජාතික පර්යේෂණ සභාව, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලය එක්ව සංවිධාන කළ විද්‍යාත්මක ප‍්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ උළෙල ඊයේ (18) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් විය. 

මෙරට විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන මුදල ඉහළ නංවා භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමට අළුත් ආණ්ඩුව ක්‍රියාකරන බව එහි දී අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. 

ආණ්ඩුව රට තුළ සිදු කරන නව පරිවර්ථනවල දී උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම විද්‍යාඥයින්ගේ සහාය රජයට අවශ්‍ය බවත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ඔවුන් නොපැකිළිව ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. 

තාක්ෂණය කෙතරම් දියුණු වුව ද ඇතැම් ප්‍රශ්න සහ ගැටළුවලට ඒ මගින් විසඳුම් සොයා ගැනීම දුෂ්කර බවත් රටේ සංවර්ධනය වෙනුවෙන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරි පස් වසර සඳහා පස් අවුරුදු වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේ ය.

ඒ ඔස්සේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකිවන බවත් පර්යේෂණ කටයුතු වෙනුවෙන් තම අමාත්‍යාංශයෙන් දිය හැකි පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ය.

 

Rate this item
(0 votes)