May 12, 2024

මහනුවර නගරාධිපති ඉල්ලා අස්වෙයි

November 19, 2015

මහනුවර නගරාධිපති මහේන් රත්වත්තේ මහතා අද (19) නගාරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා නගර සභාවේ කොමසාරිස්වරයා  වෙත නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය රත්වත්තේ මහතා විසින් විසින් භාර දි තිබේ.

දෙසැම්බර් මස 01 වැනිදා පැවැත්විමට නියමිත මහනුවර ශ්‍රි විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයට තරග කිරීම සඳහා රත්වත්තේ මහතා නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් විමට තිරණය කර ඇතැයි වාර්තාවේ.

එම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ මොහාන් පානබොක්කේ මහතාගේ අභාවයෙන් පසු හිස් වු බස්නායක ධුරය සඳහා තරග කිරීමට තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් ඉල්ලිම මත මෙම තිරණය ගත් බව මහේන් රත්වත්තේ මහතා පවසයි.

Rate this item
(0 votes)