May 13, 2024

චීන කතකගේ බෑගය සොරා ගත් දෙදරු පියා රිමාන්ඩ් (PHOTOS)

November 19, 2015

උඩරට මැණිකේ දුම්රියේ දී චීන කාන්තාවකගෙන් ඉකුත් 02 වැනි දා රුපියල් ලක්ෂ 05 1/2 ක මුදල් සහිත අත් බෑගය පැහැරගත් චූදිතයෙකු අධිකරණය හමුවේ වරද පිළි ගැනීමෙන් අනතුරු ව පෙර වැරදි ගණනාවක් ද සලකා බලා වසරක බරපතල වැඩ සහිත ව බන්ධනාගර ගත කිරීමටත් රුපියල් 1500 ක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා ඊයේ (18) නියෝග කර තිබේ.

රුපියල් 1500 ක දඩ මුදල ගෙවීමට අසමත්වන්නේ නම් දඬුවම් කාලයට අමතර ව තවත් මාසයක දඬුම් කාලයක් ද ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මහනුවර අම්පිටියේ පදිංචි දිසානායක මුදියාන්සේලාගේ අසංක බණ්ඩාර නමැති 38 හැවිරිදි දෙදරු පියෙක් මෙසේ බන්ධනාගර ගත කර තිබේ.

මෙම චූදිතයා ගෙවල් බිඳීම්, සොරකම් කිරීම් සහ මංකොල්ලකෑම් ආදි අපරාධ 05 ක් යටතේ කොළඔ පොලිස් බල ප්‍රදේශයේ චෝදනා ලැබ සිටින අයෙකු බවත්, කැළණිය පොලිස් කොට්ඨාශයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන් ලියාපදිංචි වී ඇති බවට අධිකරණය වෙත වටවල පොලීසිය මගින් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණ. 

මෙම චූදිතවයා ව ඉකුත් 02 වැනි දා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඉකුත් 03 වැනි දා හැටන් මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔහු එදින වරද පිළි ගැනීම හේතුවෙන් ඔහුට දඬුවම් පැමිණවීම සඳහා හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් චූදිතයාව ඊයේ (18) දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබිණ.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 14:01