May 12, 2024

විමල්, ගම්මන්පිල සන්ධානයෙන් හැලෙන ලකුණු (VIDEO)  

November 19, 2015

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ජාතීවාදී කණ්ඩායම් එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රීලනිපයේ නායකත්වය පිළිගන්න, නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තියට ගැළපෙන කණ්ඩායම් පමණක් එක්කර ගනිමින් මැතිවරණයට තරඟ කිරීම අපේක්ෂා කරන බවත් ශ්‍රීලනිපය දෙකඩ නොවී පවත්වා ගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසූවේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයක් නොමැති බවයි.

විමල් වීරවංශ මහතාගේ පක්ෂය හා ගම්මන්පිල මහතාගේ පක්ෂය කිසි දිනක එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධාන ගත වී නොමැති බවද අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2015 09:17