May 13, 2024

ආර්ථිකය ගොඩනංවන ඇමතිවරු 07ක් ගැන ඇගමැති හෙළි කරයි (VIDEO) 

එළඹෙන 21 වනදා වනවිට රජයේ දේශපාලන න්‍යාය පත්‍රයේ සියලූ අංගයන් ක්‍රියාවට නැංවීම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

අගමැතිවරයා මේ බව පැවසූවේ පසුගිය 17 වැනිදා රාත්‍රියේ කොළඹ පැවති බිස්නස් ටුඩේ වාර්ෂික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

නමුත් ඇතැම් අංගයන් සම්පූර්ණ කිරීමට‍ කිසියම් කාලයක් ගත වන බවත් ඊලගට ඉතිරි වන්නේ ආර්ථික හා සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. 

එම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය තරම් ඇමතිවරු සිටින බවත් මුදල්, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ, සංචාරක, ප්‍රාථමික කර්මාන්ත, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ බාර සියලු දෙනා එකට එක්වී වැඩ කරන බවත් අගමැතිවරයා පැවසී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස නම් කර ද ලබන 21 වනදාට වසරක් ගතවේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 17:21