May 13, 2024

මාරපන වරදක් කළේ නෑ - ඇමති මංගල (VIDEO)

ඇවන්ට්ගාඩ් සිද්ධිය පදනම් කර ගනිමින් නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ තිලක් මාරපන මහතා නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 

හෙතෙම මේ බව පැවසූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතා අවංක පුද්ගලයෙකු බවත් රජය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වරදක් නොකළ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යල් පැන ඇති බැවින් ලෝක ත්‍රස්තවාදයට මුහුණදීමට හැකිවන අයුරින් එය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව හෙතෙම පැවසී ය. 

එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 09:58