May 13, 2024

කොට්ඨාස සීමා මායිම් පිළිබඳ මහජන පැමිණිලි භාර ගැනේ

November 19, 2015

කොට්ඨාස මායිම් සම්බන්ධව මහජනතාවට යම් යෝජනාවක් හෝ පැමිණිල්ලක් කිරීමට ඇත්නම් එම පැමිණිලි ලබන 21 වැනිදාට පෙර එම කමිටුවේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට හැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 අධිකාරය) 3 ඇ වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් මහජන පැමිණිලි, අදහස් හා යෝජනා භාර ගැනීම හා විමර්ශණය සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් තමා පදිංචි ප්‍රාදේශීය සහා, නගර සභාව, මහ නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් එම ගැසට් නිවේදන හා මායිම් සිතියම් පරීක්ෂා කර බැලීමට පහසුකම් සලසා ඇත.

පැමිණිලි හා යෝජනා කොළඹ 02, යුනියන් පෙදෙස, අංක 330, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පිහිටි කමිටු කාර්යාලයේ ලේකම් වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය හැකි ය.

2015 අගෝස්තු 21 වන දින පළකරනු ලැබූ අංක 1928/26 දරන ගැසට් නිදෙනය මඟින් ජනාධිපති විසින් නව කොට්ඨාස සහ ඒවායේ මායිම් ප්‍ර‍සිද්ධියට පත් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)