May 13, 2024

HNDA සිසුන්ට පහරදීමේ වාර්තාව අද  

November 19, 2015

HNDA සිසුන්ට පොලීසිය සිදුකළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික පොලිස් කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (19) එම කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිසුන්ට පහරදීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම පසුගිය දා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබී ය. පසුව ඊට මහජන සාක්ෂි ද විමසීම සිදුකළ අතර, සිසුන්ට පහරදෙන අවස්ථාවේ දී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

අද ඉදිරිපත් කරන වාර්තාවේ ඇති කරුණු මත ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය මස 29 වැනි දා පැවැත් වූ විරෝධතාවයේ දී පොලීසිය සිදුකළ පහරදීම්වලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 09 දෙනෙකු තුවාල ලැබූ අතර, එහි දී පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද තුවාල ලබා තිබේ.  

Rate this item
(0 votes)