May 13, 2024

ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නේ නෑ - ඇමති සරත්

November 19, 2015

ඒකාබද්ධ විපක්‌ෂය පිළිනොගන්නා බව විශේෂ ව්‍යාපෘති ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

පාර්ලිමේන්තුවේ නීතියෙන් පවතින්නේ එක් විපක්‌ෂයක්‌ පමණක්‌ යැයිද කී ඇමැතිවරයා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්‌ එකතුව වෙනම විපක්‌ෂයක්‌ යැයි කීම කිසිවකු පිළිනොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‌ෂය යැයි ඕනෑම කෙනෙකුට කිව හැකි නමුත් කවුරුත් එය පිළිනොගන්නා බවද අමාත්‍යවරයා පැවසී ය.

එමෙන්ම කුමන පක්‌ෂයක හෝ මන්ත්‍රීවරයෙකු වෙනත් පක්‌ෂයක සාමාජිකත්වය ලබාගතහොත් ඔහුට කලින් සිටි පක්‌ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයත් අහිමි වන බවද ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

 

Rate this item
(0 votes)