May 13, 2024

අන්තරායකර ඖෂධ පාලක සභාවට නව සභාපතිවරයෙක්  

November 19, 2015

අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (18) සිට පත්කර ඇත.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විඡේවීර මහතා විසින් නව පත් කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙත ඊයේ දැනුම් දී ඇත. 

තමන්ට හිමිව තිබූ නිල වාහනය සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රය අද 19 වැනිදා යළි භාරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ හිටපු සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසී ය.

හිටපු සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේදී මත්කුඩු ජාවාරම් ඇතුළු චෝදනා එල්ලවූ කිසිදු අපේක්‍ෂකයකුට නාමයෝජනා ලබානොදෙන ලෙසට සියළුම පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. ඒ අනුව පසුගිය මහ මැතිවරණයේදී ජනතා නියෝජිතයන් වී සිටි කීප දෙනෙකුටම නාම යෝජනා ලැබුණේ නැත.

Rate this item
(0 votes)