May 13, 2024

විධායක ජනපති ධූරය අහෝසි වෙන්නේ මෙහෙමයි - මෛත්‍රීගේ ධූර කාලය ගැන ඇමති මංගල කියයි  

November 18, 2015

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (18) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2015 ජනවාරි 09 දා ය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගැනීම ‍ඓතිහාසික අවස්ථාවක් බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

ඒ අනූව විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම නිල කාලය අවසන් වනතුරු එම බලතල දැරීමට හැකි බවත්, ඔහුගේ ධූරයෙන් පසු එම බලතල ඉවත් වන බවත්, අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 10:19