May 08, 2024

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

November 18, 2015

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අද(18) අනුමත කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්විය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2015 17:43