May 08, 2024

සෝභිත හිමිගේ තනතුර දඹර අමිල හිමිට 

November 18, 2015

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්ට ලබාදීමට එහි විධායක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තාවේ.

මාදුළුවාවේ සෝභිත හිමියන් කරගෙන ආ කටයුතු භාරගෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ඉදිරි කටයුතු කරගෙන යන ලෙස එහි විධායක මණ්ඩලය කළ ඉල්ලීම දඹර අමිල හිමියන් පිළිගෙන ඇතැයි ද වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් උන්වහන්සේ හා විධායක සභාව අතර විශේෂ සාකච්ඡාවක් ද පසුගිය දිනෙක පවත්වා ඇත.

දඹර අමිල හිමියෝ ජාතික භික‍්ෂු පෙරමුණ ඇතුළු භික්ෂු සංවිධාන රැසක නායකත්වය දැරූ හිමි නමකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2015 15:16