May 08, 2024

ප්‍රංශයේ, සැන්ඩෙනිස් ප්‍රදේශයේ ප්‍රබල වෙඩි හුවමාරුවක්

November 18, 2015

ප්‍රංශයේ පැරිස් අගනුවරට තදාසන්න සැන්ඩෙනිස් ප්‍රදේශයෙන් මේ වනවිට ප්‍රබල වෙඩි හුවමාරුවක ශබ්ද ඇසෙමින් ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලීසිය මේ වන විට එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ප්‍රංශ මාධ්‍ය පැවසුවේය.

පසුගිය සිකුරාදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් එම ප්‍රදේශයේ මහල් නිවසක රැඳී සිටින බවට ලද තොරතුරු මත මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ, මේ වන විට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

තවමත් සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක අතර ත්‍රස්ත මර්දන නිලධාරීන් විශාල පිරිසක් එම ප්‍රදේශයට කැඳවා තිබේ.

මේ අතර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ප්‍රංශ වාර්තා සඳහන් කළේ ය. ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවා මේ වන විට අත්හිටුවා ඇති අතර ගිලන් රථ ඇතුළු වෛද්‍ය සහන සේවා ද එම ප්‍රදේශයට කැඳවා තිබේ.

මහල් නිවාස සංකීර්ණයේ ත්‍රස්තවාදී සැකකරුවන් කිහිප දෙනෙකු රැඳී සිටින බවට තොරතුරු වාර්තා වන බව ප්‍රංශ මාධ්‍ය පැවසීය.

Rate this item
(0 votes)