May 09, 2024

ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පතිවරු ගැන පැමිණිලි ඉහළට

November 18, 2015

අල්ලස් කොමිසම ආරම්භ කිරීමෙන් අනතුරුව දේශපාලනඥයන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසයි.

ඒ අනුව දිනකට පැමිණිලි 10ත් 15ත් අතර සංඛ්‍යාවක් මීට අදාළව ලැබෙන බව එම කොමිසම පෙන්වා දෙයි.

දැනට ලැබී ඇති පැමිණිලි 3500ක් පමණ විමර්ශනය කරමින් පවතින බව ද විශේෂයෙන් විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ද ලැබෙන අල්ලස් පැමිණිලි ඉහළ ගොස් ඇති බව ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සඳහන් කළේය.

පසුගිය සමයේ විදුහල්පතිවරුන් ලිංගික අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබු අතර ඒ පිළිබඳව ඉදිරි කාලය තුළ දැඩි අවධානයක් යොමුකරමින් කටයුතු කරන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් ගුරුගේ මහතා පැවසුවේය. 

Rate this item
(0 votes)