May 09, 2024

රග්බි තරුව මරු තුරුළට

November 18, 2015

නවසීලන්තයෙන් බිහි වූ ලොව විශිෂ්ටතම රග්බි ක්‍රීඩයෙකු වූ ජෝනා ලෝමු අද (18) දින ඕක්ලන්ඩ්හි දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

වකුගඩු රෝගයකින් පෙලුණු ලෝමු මිය යනවිට 40 වැනි වියේ පසු විය. අඩි 06 අගල් 05 උසැති ඔහු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සම වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් (15) රැස්කළ ක්‍රීඩකයා විය.

උපතින් සැමෝවා ජාතිකයෙකුවන ජෝනා ටාලි ලෝමු 1975 වසරේ සැමෝවාහි අපියාහි දී (Apia) උපත ලබා ඇත. 

ඕක්ලන්ඩ්හි වෙස්ලි විදුහලේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු 1994 වසරේ දී නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි වරම් දිනා ගනු ලැබී ය.

 

Rate this item
(0 votes)