May 09, 2024

ඇමති මාරපන ඉල්ලා අස්වූයේ ජනපති, අගමැති ඉල්ලීමට - ඇමති නවීන්ගෙන් හෙළිදරව්වක්

November 18, 2015

ඉදිරි අයවැයේ දී මේ රටේ ජනතාව බලාපොරාත්තුවෙන් සිටින ආකාරයට හොඳ අයවැයක් තුළින් සහන රැසක් ජනතාවට ලබාදෙන බවත් ඇතැමුන් පවසන ආකාරයට පක්ෂ දෙක අතර, කිසිදු මතභේදයක් නොමැති හෙයින් රජයට කිසිදු අභියෝගයක් නොමැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ මස්කෙළිය මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් තම පක්ෂ කාර්යාලයක් ගිනිගත්හේන ප්‍රදේශයේ ඉකුත් 16 වැනි දා විවෘත කිරීමෙන් පසු ව පැවති ජන හමුවක දී ය.  

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතා යහ පාලන රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු වශයෙන් කළ ප්‍රකාශ නොකළ යුතු දෙයක් බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ නීති උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීම ද යහ පාලන රජයට නුසුදුසු නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ඉල්ලීමක් මත අමාත්‍ය තිලක් මාරපන මහතාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බව හෙතෙම පැවසුවේ ය.  

යහ පාලන රජයේ තනතුරු දරන ඕනෑම අයෙකුට මෙම තීරණය ක්‍රියාත්මක බව ද අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසී ය.

තව ද ඇතැම් අය ප්‍රකාශ කරන පරිදි රජය තුළ සිටින කිසිදු අයෙකු තුළ මත ගැටුම් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ රජය තව වසර 05 ක් මෙරට පාලනය කරන බව ද අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)