May 08, 2024

කාලෝ ෆොන්සේකාට නඩු!

November 17, 2015

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසූවේ අද (16) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

රෝහල නිරන්තරයෙන් ජීවානුහරණය කරන බවත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් වෙනමම කණ්ඩායමක් ඒ පිළිබඳ සොයා බලන බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

අපවත් වී වදාළ සෝභිත හිමිට විෂ බීජයක් ශරීර ගත වී ඇති බවට සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා එහි දී අවධාරණය කර ඇත.

සෝභිත හිමිට සිදු කළ ශල්‍ය කර්මයෙන් අනතුරුව වෛද්‍යවරුන් නිර්දේශ කරන ලද ප්‍රතිකාර පමණක් ලබාදුන් බව ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(1 Vote)