May 08, 2024

'ජ්‍යෙෂ්ඨ ඇමතිට අගමැතිගෙන් දොස්' - ඒ ඇමති විජයදාස නොවේ

November 17, 2015

ඇවන්ගාඩ් සිද්ධිය පදනම් කරගනිමින් පාර්ශවයන් කිහිපයක් සමග විවාදයක පැටලී සිටින යහපාලන ජාතික රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) අරලියගහ මන්දිරයට කැදවා තදින් අවවාද කලේ යැයි අද (17) වන දින ජාතික පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබිණි.

එම සිද්ධියට අදාල ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා විජයදාස රාජපක්ෂ මහතා බවට ඇගවෙන පරිදි ව්‍යන්ගාර්තයෙන් වාර්තා කර ඇතත්, එම සිද්ධිය සිදු වු ඊයේ (16) දිනය වන විටත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 13 වන දා සිට මේ දක්වා දිවයිනෙන් බැහැරව තායිලන්තයේ සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ නිළ අවස්ථාවට සහභාගී වී සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය අවධාරණය කරයි.

තායිලන්තයේ සිට ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා සමග තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Wissanukrea –Ngam මහතා සමග දිවයිනට පැමිණෙන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිත බැවින්, අදාල ප්‍රවෘත්තිය මගින් ව්‍යන්ගාර්තයෙන් වාර්තා කර තිබු ‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විජයදාස රාජපක්ෂ මහතා නොවන බව අවධාරණය කරයි.

 

Rate this item
(0 votes)