May 09, 2024

2000 කට ද්විත්ව පුරවැසිකම 

November 17, 2015

විදේශගත ශ්‍රී ලාංකිකයින් 2000 ක් වෙත ද්විත්ව පුරවැසි බව පිරිනැමීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සංවිධානය කොට තිබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය වයඹ සංවර්ධන, අභ්‍යන්තර කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මංගල සමරවීර, එස්.බී නාවින්න, අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, ඩී.එම්. ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන්, නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.

Rate this item
(0 votes)