May 08, 2024

සීඑස්එන් නාලිකාවට FCIDය යයි 

November 17, 2015

කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බත්තරමුල්ලේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) හි විකාශන මැදිරියක් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එම ආයතනයට ක්‍රීඩා විකාශන අයිතිය දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීමෙන්දැයි සොයා බැලීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

එම ආයතනයේ පරිගණක තොරතුරු ලබාගත් බවත් මෙම සෝදිසියට පැය කිහිපයක් ගතවූ බවත් පරිගණක හදිසි ප්‍රතිචාර අංශයේ පරිගණක ඉංජිනේරුවෝද එම පරීක්ෂණයට සහාය වූ බවත් රුවන් ගුණසේකර මහතා පැවසී ය.

Rate this item
(0 votes)