May 08, 2024

මහින්දගේ ජන්ම දිනයට කාල්ටන් නිවස ඉදිරිපිට කිරිබත් දන්සැලක් (PHOTOS)

November 17, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ ජන්ම දිනය සැමරුම් වැඩසටහන නිමිත්තෙන් තංගල්ල කාල්ටන් මිතුරු සමාජය විසින් පිරිනමන මහා කිරිබත් දන්සල කාල්ටන් නිවස ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණි.

ඒ අනුව කාල්ටන් මිතුරු සමාජය නොවැම්බර් මස 16 සහ 17 යන දෙදින තුල ඉතා උත්කර්ශවත් අන්දමින් ආගමික හා සමාජමය වැඩ සටහන් රාශියක් සිදු කිරිමට සංවිධානය කර ඇත.

ඊට සමගාමිව අද පෙ.ව. 8.00 හිටපු අති ගරු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ සුරතින් තංගල්ල මහ රෝහලේ එදින උපන් බිලිදුන් හා නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සදහා ත්‍යාග ලබා දීම සිදු කරනු ඇත. පෙ.ව.9.00 ට තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවැත්වෙන කිරිබත් දන්සල හා සෙත්පිරිත් සජ්ජායනයක් ද සිදු කෙරේ. 

එදිනම පෙ.ව. 09.30 සිට ඛෙලිඅත්ත සිරිසුනන්ද මහ විහාරස්ථානයේ දී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වෛද්‍ය සායනය. එහි දී ලේ දන් දීම, ඇස් පරික‍්ෂාකර බලා ඇස් කණ්නාඩි ලබාදීම සිදුකරනු ලැබේ. ප.ව.6.00ට ආශිර්වාද බෝධි පුජාමය පින්කමක් ගැටමාන්න විහාරස්ථානයේ හිටපු ජනපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එම ඡායාරූප පහතින්

රාහුල් සමන්ත - හම්බන්තොට

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 November 2015 12:08