May 05, 2024

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීම අද - දැඩි තීරණ රැසක්!   

November 17, 2015

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ අද (17) පස්වරුවේ පැවැත්වේ.

පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස සියලු කාරක සභිකයන්ට දැනුම් දී තිබේ.

ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් පක්‍ෂයේ අනුමැතියකින් තොරව වෙනත් සන්ධාන හෝ පක්‍ෂවල නිලතල දැරීම වැළැක්‌වීමටත්, පක්‍ෂයට විරුද්ධ මත ප්‍රකාශ කිරීම වැළැක්‌වීමටත් මෙහිදී තීන්දු ගැනීමට නියමිත බව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී තීරණ කිහිපයක්‌ ගැනීමට නියමිතය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ලබන 20 වැනිදා සවස පක්‍ෂ විධායක සභාවද කැඳවා තිබේ.

Rate this item
(0 votes)