May 05, 2024

සෝභිත හිමිට රෝහලක දී බැක්ටීරියා ශරීරගතවීමක්? (VIDEO)

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. 

මේ අතර උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරන වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලැබී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් රෝහලක් තුළ දී රෝගියෙකුට ශරීරගත විය හැකි වර්ගයේ බැක්ටීරියා විශේෂ දෙකක් උන්වහන්සේට ශරීර ගත වී ඇති බව එකී වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලිවන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර එම වෛරස සුඩොමොනස් ඒරුගිඔන්සා සහ ඇසිනෙටොබැක්ටර් නමැති ඒවා බව ද එහි සඳහන් වේ.

පසුගිය දා පුවත්පත් වාර්තා මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද සෝභිත හිමියන් පිළිබඳ වෛද්‍ය ප්‍රජාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව සඳහන් කළේ ය. උන්වහන්සේගේ අපවත්වීමට අදාළව රජය නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 November 2015 11:00