May 05, 2024

මැතිවරණ කොමිසමේ සභාපතිධූරය මහින්දට

November 16, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(16) ස්වාධීන මැතිවරණ කොමිසම පත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු මෙම කොමිසමේ සභාපති ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ.

හිටපු නීති කෙටුම්පත් සම්පාදක නලීන් අබේසේකර හා යාපනය සරසවියේ මහාචාර්ය රත්නජීවන් හූල් සෙසු සාමාජිකයන් වේ.

මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මහ මැතිවරණයට පෙර විශ්‍රාම ගිය නමුත් ඔහුගේ සේවය ජනපතිවරයා විසින් දීර්ඝ කළේය.

Rate this item
(0 votes)