May 05, 2024

කෝට්ටේ නාග විහාරයේ ගැටළුව: දෙපාර්ශවයම හෙට අධිකරණයට 

November 16, 2015

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ භික්ෂූන් අතර ඇතිවී ඇති ගැටළුව සම්බන්ධයෙන් විභාග කිරීමට දෙපාර්ශවයටම හෙට (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීම වළක්වාලමින් උන්වහන්සේගේ ප්‍රධාන ගෝල හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන්ට අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබිණි.

ඒ අනුව ඉත්තෑපානේ ධම්මාලෝක, උඩතලකන්දේ ආරියරතන යන හිමිවරුන්ටද නාග විහාරයේ දායක සභාවේ සභාපති හා ලේකම්ට එසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

Rate this item
(0 votes)