May 05, 2024

දඹුල්ල -  මාතලේ ප්‍රධාන මාර්ගයට ගංවතුරෙන් බාධා 

November 16, 2015

දින දෙකක සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාව නිසා දඹුල්ල ප්‍රදේශයේ වැව්, අමුණු, ඇල වේලි, පිටාර ගැලීම හේතුවෙන් ඊයේ (15) වනවිට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

උනපදුරුයාය, පහළවැව, දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක්, නවපාදෙනිය, හබරත්තාවල කොටසක්, තිත්තවල්ගොල්ල, රත්මල්ගහ ඇල, ආදී ප්‍රදේශ කීපයක ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පවසයි.

නිවාස රැසක් ද ජලයට යට වී ඇති අතර දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගය හරහා වාහන ගමනාගමනයට නිස්සංක හන්දියෙන් බාධා එල්ල වී තිබේ. 

තම්මන් ඇල පිටාර ගැලීම හේනිසා වැඩි හානියක් සිදු ව ඇත.

කාංචන කුමාර ආරියදාස 

 

Rate this item
(0 votes)