April 27, 2024

මත්තලට ගුවන් යානා ගේන්න සර්බියාව සමග ගුවන් සේවා ගිවිසුමක්

November 17, 2015

ශ්‍රී ලංකාව හා සර්බියාව අතර මේ වනවිට නිලධාරි මට්ටමින් අත්සන් තබා ඇති ගුවන් සේවා ගිවිසුම බලයලත් නියෝජිතයකු මගින් අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ඉන්පසුව එම ගිවිසුම බලාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇත.

නැ‍ගෙනහිර යුරෝපයේ ඉහළ මැදි ආදායම් ලබන රටක්වන සර්බියාව, සංචාරක ව්‍යාපාරය මගින් එරටේ ජාතික ආදායමට ඉහළ දායකත්වයක් ලබා දෙන අතර, යුරෝපා සංගමයේ රටවල් 13ක් සමග බහු පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹී ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ පවතින වැඩිවන ඉල්ලුම සලකා බැලීමේ දී සර්බියාව අනිකුත් රටවල් සමග ඇති කර ගෙන ඇති ගුවන් සේවා සබඳතා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස ද යොදා ගැනීමේ හැකියාව ඇති බව රජය පවසයි. 

විශේෂයෙන්ම යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවල්වලට පියාසර කිරීමට අවසර ලබා දීම තුළින් එම ගුවන්තොටුපළ ඵලදායී අන්දමින් ප්‍රයෝජනයට ගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. 

 

Rate this item
(0 votes)