April 28, 2024

තවත් කොටි සැකකරුවන් 8ක් ඇප මත නිදහස් 

November 16, 2015

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් කොටි සැකකරුවන් 08දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද(16) නියෝග කළාය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ අසාද් නවාවි ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙළේය.

මේ අනූව පසුගියදා ඇප මත මුදාහැරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සැකකරුවන් 31 දෙනා සමග මේ දක්වා ඇප හිමිව ඇති ගණන 39කි.

පසුගියදා ඇප මත මුදාහැරීමට නියෝග කළ 31 දෙනාගෙන් ඇප කොන්දේසී සම්පූර්ණ කළ 24 දෙනෙකු බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

Rate this item
(0 votes)