April 28, 2024

ඇවන්ගාඩ් පරීක්ෂණයට අල්ලස් කොමිසමත්

November 16, 2015

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව පැවසූවේ අද (16) අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දී ය.

මීට අමතරව 2001 වසරේ සිට මේ දකවා ලිපි ගොණු 9000ක් පිළිබඳ පමණ පරීක්ෂණ පැවැත්වීමට ඉතිරි ව ඇති බවත් ඇය පෙන්වා දුන්නා ය. එසේ ම මේ වසරේ පමණක් පැමිණිලි 4000 ක් පමණ ලැබී ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 14:18