April 27, 2024

හත් කෝටියක විදෙස් මුදල් පන්නන්න ගිය අයෙක් මත්තල ගුවන්තොටේදී අල්ලයි

November 16, 2015

රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව ශී‍්‍ර ලංකාවෙන් බැහැරට රැගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙකු මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු සතුව තිබී රුපියල් හය කෝටි හැට ලක්ෂ 76,213ක වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් රේගු භාරයට ගෙන ඇත. අමෙරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස්විස් ෆ්‍රෑන්ක් යන විදෙස් මුදල් තොගයක් ඒ අතර ඇතැයි වාර්තාවේ.

වැලිගම 35 හැවිරිදි ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කරන බවත් මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින් අද (16) පෙරවරු 7.45 ට එම පුද්ගලයා සෞදි අරාබියට යාමට පැමිණි බවත් වාර්තාවේ.

ටී.කේ.ජී.කපිල

Rate this item
(0 votes)