April 28, 2024

කොණ්ඩයාගේ අයියා යළිත් රිමාන්ඩ්

November 16, 2015

සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයේ සැකකරුවන්වන කොණ්ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් ‍එළැඹෙන දෙසැම්බර් මස 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර කර ඇත.

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් සේයා සඳෙව්මි ඝාතනය වෙනුවෙන් සැකපිට මීට පෙරාතුව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයාත් අසල්වැසි 17 හැවිරිදි සිසුවෙකුත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දින ගණනාවක් තබා ගන්නා ලදී.

කොණ්ඩයා නමැති අය තමා විසින් එකී දැරිය පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බවට එවක පොලීසිය විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ ද ඔහුගේ ඩී.එන්.ඒ සාම්පල් සැසඳුනේ නැත.

පසු ව ඔහුගේ සොහොයුරාවන සමන් ජයලත් යන පුද්ගලයාගේ ඩී.එන්.ඒ සාම්පල් දැරියගේ සිරුරේ පැවති ආගන්තුක ‍පටක සමග සැසඳීම හේතුවෙන් හා තමා විසින් එකී අපරාධය සිදු කළ බවට හෙතෙම පිළිගන්නා ලද හෙයින් තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Rate this item
(0 votes)