April 28, 2024

උතුරේ පාසල් වසා දමයි

November 16, 2015

මහවැසි සහ ජල ගැලීම් හේතුවෙන් උතුරේ පාසල්වලට අද (16) නිවාඩු ලබා දී තිබේ.

අද දිනය වෙනුවට එළැඹෙන 21 වැනි සෙනසුරාදා අදාළ පාසල්වල අතිරේක ඉගැන්වීම් සිදු කෙරෙන බව එම පළාතේ අධ්‍යාපන ලේකම් ඊ. රවීන්ද්‍රන් මහතා පවසයි.

උතුරේ මෙන්ම රටපුරා සෙසු පළාත්වල ද ආපදා තත්ත්වයක් පවතින අතර දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Rate this item
(0 votes)