April 27, 2024

ETF, EPF වෙනස් වෙයිද? - තීරණාත්මක සාකච්ඡාවක් අද

November 16, 2015

සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සිදුකිරිමට යෝජිත වෙනස්කම් පිළිබඳ තිරණාත්මක සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතය. 

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති සහ අග‍්‍රාමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව සිදු කෙරෙන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව සඳහන් කරයි. 

රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම පිළිබද අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා කළ ප‍්‍රකාශයෙන් පසු මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාව ඇති වූ බවද එම කමිටුව පෙන්වා දෙයි. 

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කර පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන නව ක‍්‍රමයක් හදුන්වා දෙන බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේය. 

පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වර්ධකයක් ලබාදීම නීතිගත කිරීමේ අවශ්‍යතාවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධාරණය කරන බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.      

 

 

Rate this item
(0 votes)