May 13, 2024

ඇමති නිමල් යහපාලන ආණ්ඩුවට දෙහි කපයි 

November 16, 2015

මේ යහපාලන ආණ්‌ඩුව දැන් මොනවද කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෆේස්‌බුක්‌ රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බවත් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසූවේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේ පසුගිය 14 වැනි දා පැවති රැස්‌වීමකට සහභාගි වෙමිනි. 

එහිදී ඔහු මෙසේ ද පැවසී ය.

“අපි ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌වෙලා මේ රජයේ ඇමැති තනතුරු භාරගත්තේ සන්ධානයට සහය දුන් ජනතාවට සේවයක්‌ කරන්න මිස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වෙන්න නොවෙයි. සන්ධානයේ මන්ත්‍රීවරු ඇමැති තනතුරු භාරගත්තේ අපිට සහය දුන් ජනතාවට සේවය කරන්නයි. එහෙම නොවුණහොත් අපේ ජනතාවට වැඩක්‌ කරගන්න දිගු කාලයක බලාගෙන ඉන්න වෙනවා. දැන් අපි එකතුවෙන්න ඕනේ. දැන් සිටම අපි එකතුවෙලා සන්ධාන රජයක්‌ බිහිකරගන්න කටයුතු කළ යුතුයි“ 

“යහපාලන බෝඩ් ලෑල්ල ඉස්‌සරහට දාගෙන දියවන්නාව එතෙර වන්න කටයුතු කළ ඇතැම් ඇමැතිවරු අද කිසි වැඩක්‌ නොකර රජයෙන් දෙන දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඔහේ නිකමුන් වගේ බලා ඉන්නවා. ඒත් මහජනයා බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ ඇමැතිකම් ලබාගෙන නිකම්ම නිකන් තමන්ගේ දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඉන්න නොවෙයි. දූෂණය ගැන භීෂණය ගැන යහපාලනය ගැන කතා කරපු අය අද කෝ? ඒ කතා කරපු අය අද පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපිත් අද බලාගෙන ඉන්නේ මේ යහපාලනයෙන් මොකක්‌ද වෙන්නේ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව ආණ්‌ඩුවට එකතු වෙන්න අපි තීරණය කළා. ඒ කළේ අපි තමුන්නාන්සේලාට යමක්‌ ඉටුකර දෙන්න.“ යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

“මේක අපේ ආණ්‌ඩුවක්‌ නොවෙයි. අපි ජාතික ආණ්‌ඩුවකට ගියා කියලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දියවෙන්නෙ දෙන්න බැහැ. අපි ජාතික ආණ්‌ඩුවට ගියා කියල පක්‍ෂය අලියට ඡන්දය දෙන්න කියන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව ඒකයි. අද ජවිපෙ කෑලි කෑලිවලට කැඩිලා. සීනුව තිබුණ තැනක්‌වත් නැහැ. මෛත්‍රීපාල මහත්තය අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඉතුරු ටිකත් අහෝසි කරනව නම් හොඳයි. ඊළඟට මහ මැතිවරණයට අපි දැන්මම සූදානම් වෙමු.“ හෙතෙම පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)