May 13, 2024

රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

November 16, 2015

ජලයෙන් යටවී තිබෙන මාර්ගවල රියපැදවීමේදී මාර්ග ලිස්සායෑම පිළිබඳව සහ මාර්ගයේ තිබිය හැකි වළවල් පිළිබඳව දැඩි අවධානයකින් වාහන රිය පදවන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින වැසි තත්ත්වය නිසා යම් යම් මාර්ග ජලයෙන් යටවී තිබෙන බවත්, මීට අමතරව කඳු ආශ්‍රිතව මාර්ගවල වාහන ධාවනය කර විට පස් කඳු කඩාවැටීම, ගල් පෙරළීම් වැනි අනතුරු පිළිබඳව සහ මීදුම් තත්ත්වය මත ඉදිරිය නොපෙනී යාම වැනි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

ජලයෙන් යටවී තිබෙන මාර්ගවල ගමන් කිරීමෙන් පසු වාහනවල තිරිංග නියමිත ලෙස ක්‍රියාත්මක නොවීමට හැකියාව තිබෙන නිසා ඒ පිළිබඳව රියදුරන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)