May 13, 2024

නාගරික ජනයාගෙන් 20%කට දියවැඩියාව

November 15, 2015

නාගරික ජනතාවගෙන් සියයට 20 ක්‌ දියවැඩියාවෙන් පෙළෙන බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ අංශය පවසයි.

ඉකුත් 2001 වර්ෂයේ දී එම ප්‍රතිශතය සියයට 10 ක්‌ව පැවැති අතර මේ වන විට එය ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ. 

එමෙන්ම ග්‍රාමීය ජනතාවගෙන් සියයට 08 ක්‌ද, වතුකරයේ ජනතාවගෙන් සියයට 05 කට වැඩි පිරිසක්‌ද දියවැඩියාවට ගොදුරු වී ඇතැයිද අනාවරණය වී තිබේ. 

මීට පෙරදී දියවැඩියාවට ගොදුරු වූයේ වයස අවුරුදු 55 ඉක්‌ම වූ පිරිස වුවත් මේ වන විට කුඩා ළමුන් හා ගර්භණී මවුවරුන්ද මෙම රෝගයට ගොදුරු වෙමින් පවතින බවද එම අංශය අනාවරණය කරයි.

මෙම දියවැඩියා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයට හේතුවී ඇත්තේ අධික සීනි භාවිතය හා සුපුරුදු ජීවන රටාවෙන් ඉවත්ව නවීන ජීවන රටාවකට යොමුවීම බවත් අනාවරණය කරගෙන තිබේ.

Rate this item
(0 votes)