May 13, 2024

කොළඹ රථ වාහන තදබදයට විසදුමක්

November 15, 2015

කොළඹ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පළමු අදියරේදී ගාලු පාරේ කොළඹ සිට කටුබැද්ද දක්වා මෙම බස් සේවාව යොදවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේය.

ඒ සඳහා එම මාර්ගයේ එක් මං තීරුවක් වෙන් කිරීමටත්, පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ.

පෞද්ගලික වාහන වලින් කොළඹට පැමිණෙන ජනතාවට මෙම බස් සේවාව උපයෝගී කර ගනිමින් ඉතා ඉක්මනින් කොළඹ නගරයට ළගා විය හැකි බව ලේකම්වරයා පැවසී ය.

Rate this item
(0 votes)