May 12, 2024

KP නිදහස් නම් අනෙක් අය නිදහස් කිරීම සාධාරණයි - ෆොන්සේකා

November 14, 2015

ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියෙක්‌ වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නිදහසේ සිටිනවා නම් කොටි සැකකරුවන් නිදහස්‌ කිරීමේ කිසිදු අසාධාරණයක්‌ නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

යුද්ධය අවසන් කාලයේ කොටි ත්‍රස්‌තවාදීන් 12,000 ක් හමුදාවට භාර වූ හා අත්අඩංගුවට ගත් බව කී සරත් ෆොන්සේකා මහතා ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇතැයි ද පැවසී ය.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිරගත ව සිටි එම කොටි සැකකරුවන් නිදහස්‌ කිරීම සාධාරණ බව ද ඇතැමුන් එය දේශපාලන වාසියට යොදා ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එසේම මොවුන් යම් යම් සීමා යටතේ නිදහස්‌ කිරීම ද, ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ සැළකිලිමත් විය යුතු බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය.

සරත් ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.

Rate this item
(0 votes)