May 11, 2024

ගංවතුර නිසා හලාවත රෝහලේ රෝගීන් ‍වෙනත් රෝහල්වලට

November 14, 2015

වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් වෙනත් රෝහල් වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

හලාවත රෝහලේ වාට්ටු 04 සහ දැඩිසත්කාර නිරික්ෂණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මෙලෙස මාරුකර යවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැඩි සක්තාර නිරික්ෂණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් ජාතික රෝහලට සහ සෙසු වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මාරවිල සහ කුලියාපිටිය මූලික රෝහල් වෙත මාරුකර යවා තිබේ.

මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත, මාදම්පේ සහ මුන්දල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් 500 ක් පමණ පීඩාවට පත් ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

හලාවත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මයිකුලම, අසරප්පාවත්ත, ඊබට් සිල්වා වත්ත, සිරප්පන්කුලිය, මල්වත්තයන ප්‍රදේශද මාදම්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පම්බල, ඉරට්ටකුලම්, වාලහේන, සුදුවැල්ල යන ගම්මාන ද  මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් සින්නපාඩුව සහ මදුරන්කුලිය යන ප්‍රදේශවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර හලාවත මුන්නේෂ්වරම් පිහිටි නල්ලනායගම් වැව් බැම්ම අවධානම් තත්ත්වයට පත්ව ඇති බැවින් ඊට වැලි කොට්ට දැමීමට පියවර ගන්නා බව ආපදා කළමණාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)